සිහින මායා කැඩපතක දුටු
සොඳුරු නිම්මිත වළා මන්දිර
තුළෙහි වස්දඬු රාව නංවන
මියුරු රස දැහැනක වෙලී…
සිටින මා සිත
ඔබ මොබ ගොසින්
හද විමුතු කරවන
රූ සිරී…
අමිල රන්සර සේල
මුතු ඇඳි
නීල නෙත් යුග
රාගිනී…
එවන් ගී රූ
වලින් මත් මා
සිහින සිත්තම්
කරවමී…
සිහින සිත්තම්
කරවමින් මා
මතක වැස්සක
නැහැවුණි…
By Rtr. Harith Kulathunga
Image Credits:
Leave a Reply