
“නීරෝගී බව උතුම් ම ලාභය යි.” , යනු ශාරීරික හා මානසික නීරෝගී බවේ වැදගත්කම මනාව පිළිබිඹු කරන කියමනකි.
මානව සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මාතෘ හා ළමා සෞඛ්‍ය ඉන් ප්‍රධාන තැනක් උසුලයි.මන්දයත් මව හා දරුවන් යන දෙපාර්ශවයම නිරෝගී නම් ඉන් ගොඩනැගෙන ලෝකය වඩාත් සෞඛ්යාරක්ෂිත වන බැවිනි.
මවගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී ඇය මවක් වීමට පෙර හා පසු අවස්ථා ද්විත්වය තුළදී ම මානසික හා ශාරීරික වශයෙන් සෞඛ්‍යසම්පන්න වීම ඉතා වැදගත් ය. මේ සඳහා ඇයගේ පවුල මෙන්ම බාහිර සමාජය ද ඇයට ලබා දෙන සහයෝගය බෙහෙවින් බලපායි. මව්වරුන්ගේ සෞඛ්‍ය රැකගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද ගොඩනැගුණු සංවිධාන බොහොමයක් පවතී. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්ත වාර්තා වලට අනුව ගර්භණී අවධියේ සංකූලතා හා දරු උපත් තුළදී දිනකට කාන්තාවන් 810කට ආසන්න ප්‍රමාණයක් මිය යන බව දැක ගත හැකි ය. අවාසනාවන්ත කරුණ වන්නේ ,මින් බොහොමයක් මරණ වළක්වා ගත හැකිව තිබු මරණ ලෙස වාර්තා වීමයි. ඉන් පැහැදිලි වන්නේ මව්වරුන්ගේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු බවකි.
ළමුන්ගේ සෞඛ්‍යය ද මව්වරුන්ගේ සෞඛ්‍ය මෙන්ම සාකච්ඡාවට බදුන් විය යුතු මාතෘකාවකි. ඒ හෙට දවසේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන් සෞඛ්යාරක්ෂිත පරපුරක් වීම, අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් නිසාවෙනි .නමුත් වර්තමාන ලෝකය දෙස අවධානය යොමු කිරීමේදී ,වසරකට ළමුන් විශාල පිරිසක් මන්දපෝෂණය ,නිරක්තිය වැනි පෝෂණ ඌණතාවයන් හේතුවෙන් මිය යන බව වාර්තා වෙයි. එමෙන්ම පාචනය,සෙංගමාලය,මැලේරියාව වැනි රෝග තත්ත්වයන් නිසා ද බොහෝ ළමුන් පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.මින් බොහොමයක් මරණ වළක්වා ගැනීමට නොහැකි වීමට මූලික හේතුන් වනුයේ නොදැනුවත් බව හා අවම සෞඛ්‍ය පහසුකම් ය.ළමුන්ගේ අවශ්‍යතා ගොඩනැංවීම සඳහා බිහි වුන අන්තර්ජාතික සංවිධාන තුළින් මෙම තත්ත්වයන් පාලනය කිරීම සදහා ගෝලීය වශයෙන් මහඟු සහයක් ලැබෙන බව කිව යුතුම ය.
මේ අනුව සෞඛ්යාරක්ෂිත අනාගත පරපුරක් සදහා මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ සමාජයේ දැනුවත්භාවය ඇති කිරීම පිණිස දායකවීම අප සැමගේ සමාජ වගකීමකි.
By Rtr. සචිනි රණසිංහ Image credit : https://bit.ly/3w1vCKt
Leave a Reply