
ආයුබෝවන්! හැමෝම සාදරයෙන් පිළිගන්නවා.
“CED”. හරි අමුතු නමක් නේද? අපේ ගමට ඒ නම හැදුණ හැටි, අද ඔයාලට මේ සංචාරයේ දී දැනගන්න පුළුවන්.
ඉස්සර අපේ ගමට නමක්වත්, එන්න පාරක්වත් තිබුණේ නෑ. ඒත් දැන් අපිට ඇවිදන් යන්න ගමේම මිනිස්සු එකතු වෙලා හදපු ලස්සන පාරක් තියෙනවා. අර ඈතින් පෙනෙන “Plan Hub” ගොඩනැඟිල්ලේ තමයි අපේ පුංචි පාරාදීසය ගොඩනඟන සැලසුම් හදන්නේ. ඒ වැඩේට නම් ගමේ තරුණ-මහලු බොහෝ දෙනෙක් එකතු වෙනවා. එයාලා මුලින්ම හොඳ අධ්‍යනයක් කරලා ගමේ ප්‍රශ්න හඳුනාගෙන, හැමදෙනාටම සුබදායි විසඳුමක් ක්‍රියාත්මක කරනවා.
ඒ ළඟම තියෙන්නේ “CEDED – Learning And Training Centre එක. එතන දී ඔයාලා කැමති දෙයක් ඉගෙනගන්න, පුහුණු වෙන්න පහසුකම් වගේම ව්‍යාපාර කරන අයට උපදේශන සේවාවක් ද ලබා දීලා උදව් කරන්න ගමේ උගත් පිරිස ලෑස්ති වෙලා ඉන්නවා.
අර ටිකක් ඈතින් පෙනෙන්නේ අලුත් තාක්ෂණය වගාවට එකතු කරන අපේ “Go Green” හරිතාගාරය. ඒ විතරක් නෙමෙයි ගමේ හැම ගෙදරකම ලස්සන ගෙවතු වගාවකුත් ඔයාලට බලාගන්න පුළුවන්. අපි හැම අවුරුද්දෙම ලස්සනම ගෙවත්තට ලොකු තෑග්ගකුත් දෙනවා. අපේ ගමේම අය වෙනුවෙන් වගා කරන මේ බෝගවලට අපි වස විස නම් දාන්නෙම නෑ. එහෙම නෙළාගන්න ඵලදාව විකුණන වෙළඳ සැල් තමයි දැන් අපි පසු කරන්නේ. මේ සාප්පු සංකීර්ණයේ තරුණ ව්‍යවසායකයෝ බොහෝ දෙනෙක් සාර්ථක ව ව්‍යාපාර කරනවා.
ඔයාලට පේනවා ඇති අපේ ගමේ හොඳ පොල් ගස් වගාවක් තියෙනවා කියලා. මීට අවුරුදු කිහිපයකට කලින් ගමේ ධනවත් ආයෝජකයන් තවත් උපදේශකයන් එක්ක එකතු වෙලා රැකියා අවස්ථා ජාලයක් ම ඇති කරපු සාර්ථක පොල් නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඇත්තටම ඒ “COCO MORE” ව්‍යාපාරය තමයි ගමට මුදල් ගලාගෙන එන ප්‍රධාන ම මාර්ගය.
මේ තියෙන සෙල්ලම් පිට්ටනිය හැදුවෙත් ගමේම කට්ටිය එකතුවෙලා. පුංචි දරුවොත් ඒ දේවල් දැකලා උදව් කරපු නිසා එයාලා හරිම ආදරෙයි මේ සතුටු උයනට. දියුණු වෙන ගමන් ම අවට පරිසරයේ ලස්සනත් ආරක්ෂා කරගන්න ඕනෙ නිසා අපි හැම මාසෙක ම ශ්‍රමදානයක්, පැළ රෝපණ වැඩසටහනක් සංවිධානය කරනවා. ඒ නිසා ගමේ මිනිසුන්, එකිනෙකා අතර වගේම අපිට ජීවය දෙන පරිසරය අතරත් යහපත් බැඳීමක් ඇති කරගනිවි කියලා අපි විශ්වාස කරනවා.
අපේ ගමේ හැම කෙනෙක්ට ම ජීවත් වෙන්න, පහසුකම් තියෙන නිවසක් තියෙනවා. තමන් කැමති විදිහට සාප්පු සංකීර්ණය ළඟ තියෙන “Comfy Homes” නිවාස සංකීර්ණයෙන් වුණත් පහසු මිලකට නිවසක් ලබාගන්න පුළුවන්. මේ තියෙන්නේ “CED Bank” එක. නිවාස, වගා කටයුතු වලට වගේම ව්‍යාපාරවලටත් සාධාරණ විදිහට ණය දීමේ ක්‍රමයක් මෙතැන ක්‍රියාත්මක වෙනවා.
අපේ ගම ටිකෙන් ටික ආර්ථික වශයෙන් ඉහළට ගමන් කළත් අපි අපේ සංස්කෘතික වටිනාකම්, ඒ කියන්නේ අපේ ආගමික පසුබිම, උත්සව, කලා නිර්මාණ ආදී කිසිවක් අමතක කළේ නෑ. අදටත් අපේ වැඩිහිටියන් ඒ දේවල් දරුවන්ට කියලා දෙනවා.
ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි අපේ ගම ස්වංපෝෂිත ආර්ථිකයක් එක්ක ම පාරිසරික හා සංස්කෘතික තිරසාර බවත් ගොඩනඟා ගෙන තියෙන්නේ. අපි සතුටින් ඉන්න අනුගමනය කරන ක්‍රමය තමයි CED කියන්නේ. එහෙමත් නැත්නම් Community Economic Development – ප්‍රජා ආර්ථික සංවර්ධනය. දැන් ඔයාලා දන්නවනේ අපේ ගමට මේ නම ලැබුණෙ කොහොමද කියලා. ඉතින්, ඔයාලා ජීවත් වෙන වටපිටාවත් අපේ වගේ ලස්සන කරගන්න CED එක්ක එකතුවෙන්න කියන ගමන්, මම සමුගන්නවා.
හැම දෙනාටම සුබ දවසක්!
By Rtr. නිපුණි කඩුපිටිය
Image credit :
Nicely written 😍❤️