
සිතන්නට හැකිනම් කෙනෙක් වෙද ලියන්නට නම් අවැසි නොම වෙත ලියා ඇති දේ කියවමින් අද ලොවක් තේරුම් ගති හෙට සරා සිප් සොඳ පාමුල ගිමන් නිව්වත් වැස්සට මැකී නොතිබූ ලෑලි කළු මත "අ" යන්නේ රස කිව හැක වලා'ඳුරු පියමන් කර පෑව්වත් යහමින් ඉර බලා සිටියෙ ඒ දිහා මා "අ" යන්නේ නොමැකෙන ගුණ සඳු-සිකුරු ඒ පස් දින පොත් මිටක් තුරුලට ගෙන යන්ට ඇත්නම් මටත් ඒ ලෙස "අ" යනු 'ආ" යනු ලිව හැක ගෙදර ගොස් මා විගසින මෙය කියූ විට මෑණිට "අ" යන්නෙයි අහසෙයි දුරයි මා හඳුන ගත්තා විගසින මෙමා සිටි මේ පන්තිය උරුම නැත සිප් සවි සිය ඉගෙන ගත්තොත් "අ" යන්නක් අද අහස තෙක් මට යා හැක
By Rtr. හරිත් කුලතුංග
Image credit : https://bit.ly/3CRTEd1
Leave a Reply