Supermarket යනවිට ගෙදරින් බෑගයක්
ගෙන යන එක වේද ඔය හැටි කරදරයක්
පරිසරයට ආදරින් ඇති කරවන අදිටනින් වෙනසක්
හැමෝම කළහොත් වේද සමාජෙට ඒක මහ අරුමයක්
වීදුරු කෝප්පෙන් නැවත නැවත දෙන විට
සෝදනව ද දන්නේ නෑ හොද හැටි පිරිසිදුවට
සිතා නොඉල්ලා coffee එක ප්ලාස්ටික් cup එකට
ගෙදරින් ගෙනියන්න කෝප්ප්යක් coffee shop එකට
By Rtr. අනුජිතා කහදුව
2017 වසරේ මීතොටමුල්ල ජනතාවත් බොහොම සතුටින් සිංහල අලුත් අවුරුද්ද පිළිගන්න බලාපොරොත්තුවෙන් සිටිය ද, ඔවුන්ගේ ඒ තිබූ සිහිනය පමණක් නොව මුළු ජීවිතයේම තිබුණු බලාපොරොත්තු සියල්ල ම කසළ කන්දකට යට විය. සමහරවිට පස් කඳු නාය යෑම අපට අසා ඇති සාමාන්‍ය දෙයක් උනත් කසළ කන්දක් නාය යෑම ද විය හැකි බව ඔබත් දැනගත්තෙ එදා විය හැක. එදා ඒ සිදු වූ දරුණු විපාකය වළකන්නට හැකියාව තිබු නිලධාරීන් ඒ දැන සිටිය ද නොසිටිය ද ඒ විපත හේතුවෙනි ජීවිත ගණනාවකට කසළ ගොඩකට යටවී තමන්ගේ අවසන් හුස්ම හෙලීම ට සිදු විය. 2017 වසරේ අප්‍රේල් 14 වැනිදා නොනගතය මොහොතේදී ඒ කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්ද නිසාවෙන් ජීවිත තිස් දෙකක් මිය ගිය අතර, සොයා ගැනීමට නොහැකි වූ මළ සිරුරු එකොළහක් අතුරුදන් වූවන් ලෙස ලේඛන ගත විය. පවුල් 353 ක් සහ පුද්ගලයන් 1541 ක් අවතැන් විය.
මේ දරුණු ඛේදවාචකය දැනටමත් බොහෝ දෙනාගේ මතකයේ නොතිබෙන බව නිසැකය. අතීතය අමතක කිරීම සිහල අපගේ විදිය යැයි අසා තිබුණද අතීතය අමතක කර අපට කිසි දිනෙක අනාගතයක් නොමැති බව සිහි තබා ගත යුතුය. අනාගතයේ ද මෙවැනි නිලධාරීන්ගේ නොසැලකිලිමත්කමින් කසළ කන්දක් නාය යෑමට තිබුණද එය වැළැක්වීමට අපට වගකීමක් හැකියාවක් නොමැති බව සිතීම කිසිසේත්ම සදාචාර සම්පන්න නැත. දවසින් දවස එලෙස කඳු ලෙස ගොඩනැගෙන්නේ අපේම කුණු කසළ වේ. ලෝකය ඉදිරියේ කැලිකසළ ගැටළුව විශාල ප්‍රශ්නයක් වනු නිසැකය. වගකීම් සහගත, දේශයට ලෝකයට ආදරය කරන පුරවැසියන් ලෙස තමා දෛනිකව භාවිතා කරන නොදිරන ද්‍රව්‍ය හැකි පමණ අවම කිරීමට අපි සියල්ලන්ම සිතා ගත යුතු ය. දිනකට අපේ නිවසින් කොපමණ පොලිතින් බෑග් ප්‍රමාණයක් කුණු කූඩයට දමනවා ද ? ඇයි අපිට බැරි ඒ කවර නැවත නැවත සෝදා භාවිතා කරන්න? අපි supermarket එකට ගියාම කොපමණ නම් බෑග් ප්‍රමාණයක් රැගෙන එනවා ද? supermarket යනකොට අපේ ගෙදරින් රැගෙන යන බෑගයකට ඒ ගන්න සියල්ලම දමා ගෙන එන්න අපේ මනුස්සකම් කොතරම් පුරුදු පුහුණු කළ යුතු ද ?
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු කාලේ coffee shop එකට පවා කෝප්පයක් රැගෙන යන ලෝකයේ උසස් මිනිසුන් පිළිබඳ වීඩියෝ පට සමාජ ජාලා හරහා දැඩි ලෙස හුවමාරු වුව ද වර්තමානයේ ඒ කිසිවක් අපි කාටවත් මතක නැත. මේ කියවන මොහොතේත් ඔබට හිතෙනවා ඇති අපේ ආත්ම ගරුත්වය තියා ගෙන කොහොමද කෝප්පයක් coffee shop එකට අරගෙන යන්නේ කියලා?
අපි අපේ ආත්ම ගරුත්වයට වඩා අපිට හුස්ම පොද ලබා දෙන පරිසරයට ආදරය කළ යුතුයි. තවද අපි හැමෝම ඒ දේ කළහොත් අනිවාර්යෙන්ම මිනිසුන් ඒ පුදුම සහගත දෙයක් ලෙස නොබලන බව ද වටහා ගත යුතුයි. දිනකට තමන්ගෙන් බැහැර වෙන කසළ ප්‍රමාණය දිනෙන් දින අවම කර ගැනීමට උත්සහ කළහොත් ඔබ මෙලොව හැර යන දිනක මේ පොළොවට අඩක් හෝ ණය ගෙවා යා හැකි බව තරයේ සිහි තබා ගන්න.
Reference: https://divaina.com/sunday/index.php/visheshanga1/9404-2019-04-18-10-44-93
Image credit: https://bbc.in/3gruwSp
Leave a Reply