
නෙතකට නිල්ල ගතකට මුදු සිහිලැල්ල
දෙන තුරු වියන පාමුල ඒ තණ ගොල්ල
මත රඟ කරන වට වේලුණු කොළ රැල්ල
පමණය සොබා මව් තුමියගෙ සැනසිල්ල
කල්පෙක කල් ගියත් දිරනට කැමති නැතී
පොලිතින් ප්ලාස්ටික් මහ මුල් අතර එතී
වීදුරු කඩදාසි එහෙ මෙහෙ දමා ඇතී
මිනිසුන් උඩ බලාගෙන කෙළ ගසා ගතී
රසඳුන දුලබ විසිතුරු නෙක ඔසු පැළ මල්
ජීවය නොමඳ පිවිතුරු දිය දහරා නිල්
රැඳුණොත් අගෙයි වනයේ විලස ම නොඉඳුල්
දෑසින් බලා සැනසී සලසමු රැකවල්
By Rtr. නිපුනි කඩුපිටිය
අප අජීවී යැයි සලකන ගසක්, මලක්, දියපොදක් තරම්වත් ජීවී බවක් නොමැති පිරිසක් බවට මිනිසා
පරිවර්තනය වෙමින් පවතියි.
වන සතුන් ඇතුළු පරිසර පද්ධති වලට විෂ සහිත කෘත්‍රිම ද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කරමින්, මිල
කළ නොහැකි ස්වභාවික ජාන සම්පත නන් අයුරින් කෙළසමින්, පරිසර සුන්දරත්වය හා වටිනාකම් පිළිබඳ ව
සංවේදී නොවී ක්‍රියා කිරීම මතු පරම්පරාවලට ගෙන එන අභාග්‍යය මිනිසා වටහා ගන්නට උත්සාහ කරන්නේ
ද නැත.
මියැදෙන පෘථිවිය හැර දා තවත් ලෝක සොයන්නට අභ්‍යවකාශය කළඹන අපට මෙතෙක් කලක් හුස්ම
දුන් මේ බිම රකින්නටත් පියවර එසවිය හැකිනම් කෙතරම් අගනේ ද?
නොදැනුවත්කමින්, නොසැලකිලිමත් බවින් හා ආත්මාර්ථයෙන් මිදී සොබාදහමේ සැබෑ භාරකරුවන් ලෙස
වගකීම් ඉටුකිරීමට තරුණ පරපුර ලෙස අපිත් පෙළ ගැසෙමු.
Image credit: https://bit.ly/3cC6wtf
Leave a Reply