
කුස් පුරවන අහර, දිය නිති ලැබ දෙන්නේ
වැස්සට කරුණු සරිකර හුස්ම ද දෙන්නේ
ගස් අප සැමට නිවහන වී සවි දෙන්නේ
ඇස් දෙක රකින ලෙස ඔබ සැම මිනිසුන්නේ
රැස් ගෙන හිරුත් වෙහෙසක් අරගෙන එන්නේ
ගස් පෙළ නොවෙද එම විට සෙවණ ද දෙන්නේ
උස් තුරු මුලින් උගුලා ඇයි වැනසෙන්නේ
හුස්මට පණ පොවන රුක් දෙවි රැකගන්නේ
By Rtr.සහශ්‍රා දිනසිරි.
පරිසරය වනාහි ගස්වැල්, සතාසිව්පාවා ඇතුළු බොහෝමයක් සංරචකයන්ගෙන් සමන්විත පද්ධතියකි. මේ විශ්මයජනක පද්ධතියේ සමතුලිතතාවට මෙන් ම පැවැත්මට ද ගස්වැල් වලින් ඉටුවන කර්තව්‍යය අනුපමේය මෙහෙයකි. ජීවීන්ට ආහාර සපයන මූලික ම ප්රභවය ඔවුන් ය. ජල චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය උදෙසා ද ගස්වැල්වලින් සැපයෙන්නේ මහඟු සවියකි. ගස්වැල්වලින් තොර ලෝකයක ආශ්වාසය සඳහා වූ පිරිසිදු වාතය යනු අපිට සිහිනයක් වනු ඇත.
විවිධ හේතූන් නිසා මේ වන විට අප රට තුළ ද තුරු ගහනය ක්‍රමක්‍රමයෙන් හීන වීගෙන යන අයුරක් අපට දක්නට ලැබේ. පාරිසරික හේතූන් මත හටගන්නා ලැව්ගිනි මෙන් ම අවිධිමත් ඉදිකිරීම් සහ මානව ක්‍රියාකරකම් නිසා අදූරදර්ශී ව සිදු කරන රුක් විනාශයන් මඟින් ද අපේ රුක් දෙවිවරු සිය අවසන් සුසුම් පොදවල් මේ වා තලයට නිකුත් කරමින් සිටිති. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි.
මේ විනාශයට නැවතීමේ තිතක් තැබීමට අප අපොහොසත් වුවහොත් තව වසර කිහිපයකින් මෙලොව දිවි ගෙවන අපේ ම අනාගත පරපුරට අතිභයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. කාන්තාරීකරණය වී කෘතීම ව හුස්ම ගන්නා ලෝකයක ජීවත් වීමට සිදුවීම නම් සැබැවින් ම ඛේදනීය තත්ත්වයකි. එ නිසා අප මේ ගස් විනාශයට තිත තැබිය යුතුම ය. හෙට ලොව වෙනුවෙන් තවත් රුක් දෙවිවරුන් මේ මිහිමව මත රෝපණය කර රැක ගතයුතුම ය. එය අප සැමගේ ම යුතුකමකි.
Image credit: https://bit.ly/2Q689qd
Leave a Reply