ලීටරේ තුනට වතුර විකිණෙනවා වාගේ
රට මැද උතුරේ
දන්නවද ලියවෙනවා අලුත්ම ඉරණමක්
අපි ගැන නුදුරේ
“හුස්ම විකුණනවා අන්න බලන්න අද චීනේ”
කපලා තවත් ගස් දෙක තුන කිසි කිසියේ
පිට දාලා විස දුම් එක පිට ඉහළට බට දිගේ
හොයලා ඵලක් නෑ මිනිසුනි, විසඳුම් කඩි මුඩියේ
දැනටත් පමයි රකින්න හුස්ම පොද පණ වාගේ
By Rtr. පවන්ති සුදසිහ
“කොවිඩ් අවසන් වුවත් දරුවන්ට හා වැඩිහිටියන්ට මුව ආවරණ අනිවාර්ය වෙන ලකුණු”
මේ මෑතකදී අපේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වාර්තා කළ පුවතක සිරස්තලය යි. ඇත්තටම කොවිඩ් අවසන් වුවත් මුව ආවරණයක් අවශ්‍ය වන්නේ ඇයි?
මෙයට සරලම පිළිතුර වායු දූෂණය යි. ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවීම යි.
වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50 කට අඩු මට්ටමක පැවතිය යුතුයැයි WHO නිර්දේශය වුවත් කොළඹ, මහනුවර දිස්ත්‍රික්ක වල මේ තත්වය 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතින බව ඔබ දන්නවාද?
වායු දූෂණයෙන් 65% කටම හේතුව වාහන වලින් පිට කරන දුම් වන අතර පෙර සදහන් කළ නගර වලට අමතරව ගාල්ල, කුරුණෑගල නගර සීමාවන් ආශ්‍රිතවද මෙවැනි තත්වයන් වාර්තා වෙනවා.
මේ සඳහා පිළියමක් නැත්ද?
සරලම පිළිතුර ඔබ ඉක්මණ් වන තරමට මේ තත්වය යම් තාක් දුරකට හෝ අවම කර ගත හැකිය යන්නයි. විශේෂයෙන් වාහන භාවිතයේදී විදුලි බලයෙන් හා සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන වාහන සඳහා ප්රමුඛත්වයක් ලබා දිය යුතු අතර අනෙකුත් වාහන නිසි පරිදි දුම් පරීක්ෂාවන්ට භාජනය කිරීමද වැදගත් වෙනවා. එමෙන්ම කර්මාන්ත ශාලා මගින් පිට කරන දුම් පරිසරයට එක් වීම අවම කිරීමට පියවර ගැනීමද වැදගත්. මේ සා ඉතා වැදගත් තැනක් ගන්නා අනෙක් කරුණ නම් අප සතුව පවතින ශාක ප්‍රජාව රැක ගැනීමයි. පරිසරයේ පවතින කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන ඔක්සිජන් පිට කරමින් අපිට හුස්ම සදන ඔවුන් විනාශ වීමට නොදී නූපන් පරපුරටත් රැක ගැනීම අපෙන් විය යුතු කාර්‍ය්භාරයක්.
ඉතින් නොපමාව මේ වායු දූෂණයට එරෙහි වෙන්න. තමන්ට හැකි පමණින් හුස්ම රැක ගැනීමට දායක වෙන්න. එසේ නොමැති වුවහොත් චීනයට, ඉන්දියාවට මෙන් අපට ද මුව ආවරණයේ පිහිටම පමණක් නොව ඔක්සිජන් සිලින්ඩරයක පිහිටද පැතීමට සිදුවන බව නම් ඒකාන්තය.
තීරණය ඔබ සතුයි.
Image credit:
Leave a Reply