
තරුණ විසයට නොබලා දුර දිග
වියරු සිත් වලින් කරනා දඟ වැඩ
නොසිතූ විලසට කැඳවා විපාක
ජීවිත අහසට උදා කර අමාවක
හිතේ සැකයක් ඇතිනම් කකියන
ප්‍රමාද හොඳ නෑ වනසයි ජීවිත
හනික පිරික්සන තරමට නොවී පසුබට
ගෙන දෙයි නුඹ හට තවත් ආයුෂ
අනුජිතා කහදුව
HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ශරීරගතවී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර AIDS හෙවත් නතූ කරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය ඇති වේ. මෙය HIV මඟින් ඇතිවන විශේෂ පිළිකා ඇතිවන තත්වයක් ලෙස ද හැඳින්විය හැකි ය. HIV ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරයේ, ශුක්‍ර තරලයේ, යෝනි ශ්‍රාවයේ හා මව්කිරිවල HIV වෛරසය අඩංගු වේ. HIV ආසාදිත පුද්ගලයෙකු හා පවත්වන යෝනි හෝ ගුද අනාරක්ෂිත සබඳතා මඟින් මෙම වෛරසය බෝ විය හැකි ය. තව ද ජීවාණුහරණය නොකළ ඉඳිකටු හා සිරිංජර මඟින්, වෛරසය අඩංගු රුධිරය ශරීරගතවීම මඟින් මෙන්ම ආසාදිත මවකගේ දරුවෙකුට ගර්භනි අවස්ථාවේදී, ප්‍රසූතියේදී හෝ මව්කිරි ලබා දීමේදී ද මෙම වෛරසය බෝ විය හැකි ය. ආරක්ෂාකාරී හා වගකිව යුතු ලිංගික සබඳතා පැවැත්වීම මඟින් HIV ආසාදිතයෙකු වීම වළක්වා ගත හැකි ය.
HIV සමඟ ජීවත් වන අය සඳහා ඇති ආයතන ලෙස LANKA PLUS, POSITIVE WOMEN NETWORK හා POSITIVE HOPES ALLIANCE ආයතන හැඳින්විය හැකි අතර HIV සමඟ ජීවත්වන අය සඳහා උපකාර කරන ආයතන ලෙස FAMILY PLANNING ASSOCIATION OF SRI LANKA, NEST, AIDS FOUNDATION LANKA හා SALVATION ARMY හැඳින්විය හැකි ය.

වාර්තා වන යොවුන් ආසාදියන් ගණන ප්‍රතිශතයක් ලෙස වර්ධනය වීම අප කනගාටුදායක කරුණක් ලෙස දකින්නෙමු. ඒ අතරින් අවුරුදු 15 ට වැඩි පිරිමි වැඩිහිටි ආසාදිතයන් ගණන පසුගිය වසර නවය තුළ 460% ක වැඩිවීමක් පෙන්වීම අප රටේ අනාගතයට රතු එළියකි.

මෙම වෛරසය පසුගිය වසර කිහිපය තුළ ආසාදන වූ ආකාරය සලකා බැලීමේදී පිරිමි පුද්ගලයෙකුගෙන් පිරිමි පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමෙන් ආසාදනය වූවන් ගණන වැඩි ප්‍රතිශතයක් පෙන්වයි. ආසාදිත මවකගෙන් දරුවාට සම්ප්‍රේෂණය අප රට තුළ ඉතා කලාතුරකින් සිදුවන බැවින් ශ්‍රී ලංකාව HIV මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කිරීමට සමත් වූ ලොව රටවල් කිහිපය අතරින් එකකි.

2019 වසර සැලකීමේදී වැඩිම නව ආසාදිතයන් ගණනක් වාර්තා වී අත්තේ කොළඹ දිස්ත්‍රිකයෙනි. පසුගිය වසර පහ පුරාවටම වැඩිම ආසදිතයන් ගණනක් වාර්තා වූ දිස්ත්‍රිකය වූයේ ද කොළඹ දිස්ත්රිකයයි.
තරුණයන් වන අපි, ජීවිතයේදී වඩාත් වගකීම් සහගතව කටයුතු කර අපගේත් අන් අයගේත් ජීවිත විනාශ වී යාමට නොදී රැක ගැනීමට වගබලා ගත යුතු වෙමු. මේ වන විට ද ඔබ HIV ආසාදිතයෙකු දැයි ඔබට සැක සහිත නම්, එය වසන් කිරීම ඔබට මරණය ළඟා කරවීමට තරම් ප්‍රබල විය හැකි ය. පරික්ෂාවකින් හැර කිසිදු ආකාරයකින් HIV තත්වය හඳුනාගත නොහැකි අතර රෝග ලක්ෂණ පහළ වන තුරු සිටියොත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය හැකි ය. HIV පරීක්ෂාවේ ප්‍රතිඵල ඔබ හැර අන් කිසිවෙකුට දැනුම් නොදී එහි රහස්‍යභාවය සෑමවිටම ආරක්ෂා කිරීමට ඒ අදාළ අංශ කටයුතු කරන බව අපි සතුටින් දැනුම් දෙමු. බුද්ධිමත්ව කටයුතු කර ඔබගේත් අන් අයගේත් ජීවිත ආරක්ෂා කිරීමට යොවුන් හද අඹරට කරන ආයාචනයයි මේ…
Reference:
https://www.aidscontrol.gov.lk/images/pdfs/publications/NSACP_Annual-Report_2019.pdf
Nice article akke… 😍❤️
Thank you nanga
Nice article akki. It’s really informative ❤️
Thank you malli
👌
❤️