
පුංචි දරුවෙක් නේද මේ – මොන තරම් හුරුබුහුටි ද
හිතුණේ නැද්ද එක තප්පරේකට
මොන වේදනාවක් දැනෙන්නට ඇත්ද
එදා ඒ මියැදුණ පුංචි සේයාවට
තුන් වරුවම පිරිත් ඇහෙන රටක්ලු මේක
මහ ලොකු කතන්දර කොපමණ කිව්වත්
නලියන කාමාශාවන් නිසා
පුංචි මල් කැකුළු පිපෙන්නටත් පෙර
නිතරම පරවෙන රටක් මේක
_රවීශා නෙත්මිණි_
ඔබ නිකමට හිතලා තියෙනවද ලංකාවෙ විතරක් අවුරුද්දකට කොච්චර විතර ළමා අපයෝජන වෙනව ඇත්ද කියලා. ඒක මේ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ප්රමාණයක් නෙවෙයි. පිපෙන්නටත් කලින් පරවෙන ඒ මල් කැකුළු වලට වෙන අසාධාරණයට හරි හමන් සාධාරණයක් වත් වෙනවද මේ රටේ. දැනට අවුරුදු ගාණක ඉඳන් දියුණු කරන්නට හැදුවත් තාමත් දියුණු කර ගන්න බැරි වෙච්ච මේ වගේ රටක ඉන්න මිනිස්සුන්ට මේවගෙ දෙයකුත් අද කතා කරල හෙට අමතක කරලා දාන රස කතාවක් විතරයි නේද?
තමන්ට කවද හරි මුහුණ දෙන්න වෙනකන් අනුන්ගේ වේදනාවක් තේරුම් ගන්න බැරි පිරිහුණු මිනිස්සු ඉන්න පිරිහුණුcමාජයක් නේද මේ ?
මේ එවැනි පිරිහුණු සමාජයක ඉපදීම නිසා ජීවිතය අහිමි වූ ඇය වෙනුවෙන්.
Leave a Reply