
අපි ජීවිතයේ බලපොරොත්තු ළඟා කරගැනීමට යන ගමනේදී කාන්තාවක් වීම ඒ ගමනට බාධකයක් වන සමාජයක් ‘නොදියුණු සමාජයක්’ ලෙස හැඳින්විය හැකිය. සන්හිත පළමු අදියර වශයෙන්, ශ්‍රී ලාංකික සමාජය කාන්තාවකගේ ගමනට විවිධ අයුරින් බාධක ගෙනෙන අයුරු අපි කතා කළෙමු.
මේ සමාජය, කාන්තාවකට කෙතරම් අනතුරුදායකද කිවහොත්, සෑම දිනකම ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් හතර දෙනෙකු දූෂණයට ලක් වේ. 2015 වසරේදී අවුරුදු පහක් වයසැති සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීම රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ අමතකව ඇති ඒ මතකය නැවත සිහි කර, ‘අප ජීවත් වන සමාජය’ කුඩා දැරියකට පවා කෙතරම් අනතුරුදායකද’යි සන්හිත හරහා දැනුවත් කිරීමට අපිට හැකියාව ලැබුණි.
එවැනි පැහැදිලිවම සමාජයේ වැරදි ලෙස දකින්නට ඇති දේ පමණක්ම නොව, මෙතෙක් ඔබ වැඩි අවධානයක් නොදුන් කරුණු පිළිබඳව ද කතිකාවතක් ඇති කිරීමට අපි සන්හිත ඔස්සේ වපසරිය සලසා ගත්තෙමු.
2019 වසරෙදී මෙරට රැකියා වියුක්තිය 4.9% ලෙස සටහන් වුණි. රට තුළ තිබෙන රැකියා වියුක්තිය හා අධ්‍යාපන ක්‍රමය තුළ පවතින දුර්වලතා නිසා, සෑම වසරකම 50 000 කට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් ගෘහස්ථ සේවය සඳහා විදේශගත වෙයි. එවිට එම කාන්තාවන්ගේ පවුල් විනාශ වී යන ආකාරය අපි මෙම ව්‍යාපෘතිය හරහා පෙන්වා දුන්නෙමු.
තවත් පිරිසක් තම පවුල් වල පවතින ආර්ථිකමය ගැටලු නිරාකරණය කිරීමට ඇඟලුම් කර්මාන්ත වල රැකියාවට යති. ඉන් 50% ට අධික ප්‍රමාණයක්ම සාමාන්‍ය පෙළ සමත්ය. එනමුත් ඔවුන්ට සමාජය සලකන ආකාරය නම් එතරම් සතුටුදායක නොවේ. එම කරුණද මෙම ව්‍යාපෘතිය යටතේ මතු කළෙමු.
තවද, අප මතු කළ කරුණක් වන්නේ, මෙරට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන් විවිධ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණදීම මෙරට සුලබ කරුණක් බවයි.
එසේම ශ්‍රී ලාංකික සමාජය තුළ හදිස්සි තත්ත්වයක වුවද කාන්තාවකට රාත්‍රියේ තනියම ගමන් කිරීමට සිදුවුවහොත් එදිනම එම කාන්තාවගේ ජීවිතයට හානියක් වනු නිසැකය. ඉතින්, 2019 වසරේදීත් 40 000ක් ශ්‍රී ලාංකික ජනතාව මේ රට අතහැර යෑම පුදුමයක් නොවේ.
2019 වසරේදී ශ්‍රී ලංකා CERT ආයතය යටතේ සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම් වලට අදාළව සටහන් වූ පැමිණිලි ගණන 2662 ක් වේ. විවේකයක් ලබා ගැනීමට අප භාවිතා කරන සමාජ මාධ්‍යද මෙරට තුළදී කාන්තාවට තවත් මානසික අසහනයක් ගෙන දෙයි.
RACFOSUOC අපි, සන්හිත පළමු අදියර යටතේදී මෙරට කාන්තාවකට නිදහසේ ජීවත් වීමට හැකියාව සලසා දී ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට රැගෙන යාමට සෑහීමකට පත් විය හැකි වෑයමක් දියත් කළ බව විශ්වාස කරන්නෙමු.
අනුජිතා කහදුව
Leave a Reply