ටිකිරි සිනා රැව්දේ සහොදර හැඟුමන් වැඩිවේ….
බැඳීමක් යනු සරලව ගතහොත් දෙයක් හෝ දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධයකි.එවැනි බැඳීමකට උදාහරණයක් නම් Rotaract UOC FOS සහ Akhankara ව්‍යාපෘතියයි.මන්දයත් එහි අවියෝජනීයත්වය අඛණ්ඩ සය වසරක ක්‍රියාදාමයන් ගෙන් පැහැදිලි වේ.2018/2019 වසර තුළ එය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.මෙවර Akhankara Phase lll යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පාසල වන්නේ පිටිගල ප්‍රදේශයේ පිහිටි ගොඩාමුණ මහා විද්‍යාලය යි.
පිටකොටුවේ සිට අප තෝරා ගත් පාසලට 110 km පමණ දුරක් පැය 3 ක පමණ කාලයක් ගෙවා පැමිණීම ට හැකිවේ.එහීදී දැනෙන ගමන් තෙහෙට්ටුව ඇල්පිටිය නගරයේ සිට පාසලට ලඟා වීමට ඇති ග්‍රාමීය මාර්ගයේ පහස ලැබීමෙන් තුරන් වේ.පාසල ගැන බිඳක් පැවසූව හොත් වටිනා යැයි හැඟේ.ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් පිටිගල ,ගොඩාමුණ මහා විද්‍යාලය කුඩා කඳු ගැටයක් මුදුන පිහිටි රමණීය පරිසරයකින් යුක්ත භූමියක පිහිටයි.ළමුන් එකසිය හතලිහකට ආසන්න සහ ගුරුවරුන් දහසය දෙනෙකුගෙන් යුත් එම පාසල ගොඩනැගිලි බහුලතාවයෙන් තොරය.කලක් වැසීයාමේ අවධානමට ලක්ව තිබූවත් ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීම මත පවත්වාගෙන යන මෙම පාසල එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.අප ව්‍යාපෘතිය යටතේ එම පාසලේ වූ හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පංති පවත්වනු ලබන ශාලාව සහ එහි වූ විද්‍යාගාරය අළුත්වැඩියා කොට භාරදීම සිදුවිය.
Akhankara Phase lll අප දින දෙකක් පුරා සහ පූර්ව නිරීක්ෂණ චාරිකා කිහිපයක් සහිතව 2019 මැයි 24 සහ 25 දෙදින විද්‍යාලීය පරිශ්‍රය තුළ සාර්ථකව සිදුකරන ලදී.පූර්ව නිරීක්ෂණ චාරිකා වන් හීදී අප නෙත ගැටුණේ අවපැහැයට ලක් වූ ශාලාවත් එහි වූ විද්‍යාගාරයත් ය.
පළමු දිනය තුළ දී අපගේ ව්‍යාපෘතිය යටතේ වෙසක් දිනය පාදක කොට රචනා සහ චිත්‍ර තරගයක් පවත්වන ලදී.එහිදී ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානයක් ද සිදු විය.සවස් යාමයේ අප සාමාජිකයන් විසින් ජීවිතය සහ අනාගතය යන මාතෘකාව යටතේ පවත්වන ලද දිරි ගැන්වීමේ වැඩසටහන ව්‍යාපෘතියේ ඵලාදායිතාව වැඩි කිරීමට හේතු විය.මේ සඳහා ළමයින්ගේ දෙමාපියන්ද සහභාගී විය.එහිදී ළමයින් ගේ දක්ෂතා ඔප් නංවමින් නැටුමින් ගැයුමෙන් රැඟුමෙන් එම අවස්ථාව රසවත් කරන ලදී.මෙම අවස්ථාවට සමගාමීව මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල මැජික් සංදර්ශනය බාල මහළු කාගේත් අවදානයට යොමුවිය.එම කාලය තුළ ටිකිරි සිනහාවන්ගෙන් ශාලව ප්‍රබෝධමත් විය.ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය ඉදිරිපත් කල තරු කඳවුරෙන් නැවුම් අත්දැකීමක් ලැබීමට ළමයින්ට සහ ප්‍රදේශ වාසීන්ට හැකිවිය.සවස් යාමේ වැඩසටහන තුළ පාසලේ ගුරුවරුන් ප්‍රදේශවාසීන් විසින් පවත්වන ලද බෙලිමල් සංග්‍රහය දිනයේ විඩා නිවීමට හැකිවිය.
දෙවන දිනය ආරම්භ වූයේ මද ගිගුරුම් සහිත වැස්සක බාධාවත් සමඟයි.එදිනට යෙදී තිබූ තීන්ත ගෑමේ වැඩසටහන පිළිබඳ සැක සංකා මතු කිරීමට එම බාධාවට හැකිවිය.නමුත් කොළඹ සිට දෙවන දිනය සඳහා අප සාමජිකයන් සෙන්දු වත්ම පැහැදිලි කාළගුණයක වරම අපට හිමිවිය.ධෛර්ය ,කැපවීම ,එකමුතුව සහ සහෝදරත්වයේ බැඳීමෙන් අපට මෙම ව්‍යාපෘතිය සවස්යාමය වනවිට සාර්ථකව නිමාකිරීමට හැකිවිය.
Akhankara Phase lll ව්‍යාපෘතිය මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය සහිතව සිදුවන්නකි.එහිදී මූල්‍යමය දායකත්වය දැක්වූවන්ටද ශ්‍රම දායකත්වය දැක්වූවන්ටද පාසලේ විදුහල්පති තුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලයටද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට හා ඔවුනගේ දෙමාපියන් ට එක සිතින් ස්තූතිය පල කරන ලදී.පාසලෙන් නික්මීමේදී නැවත පාසල දෙස හැරී බැලූ අපට දිස්වූයේ පෙරදා දුටු අවපැහැයට ලක් වූ ශාලව නොව නව පැහැයෙන් බබළනා අපගේ ශ්‍රමයෙන් පිළිසකර වූ ශාලාවයි.අප මනසේ ගබඩා වූයේ ළමුන්ගේ ටිකිරි සිනහවන් සහ ඔවුනගේ කෘතවේදී බැල්මන් ය.
~ නඳුන් මධුසංඛ ~
Leave a Reply