ජීවිතය කියන්නේ ගමනක්. හීන, අරමුණු, ඉලක්ක හිතේ පුරවගෙන යන පුංචි ගමනක්. මේ ගමනේදී අපිට විවිධාකාර අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. විවිධ කඩයිම් පහුකරන්න වෙනවා. එහෙම හීන හිතේ පුරවගෙන, කඩයිම් පහුකරගෙන ආපු පිරිසක් තමා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කියන්නේ. ඉතින් මේ විදිහට හීන පුරවගෙන කැම්පස් ආපු අපි ,තවත් අපි වගේම හීන දකින පිරිසකට, පුළුවන් විදිහට ඒ හීන හැබෑ කරගන්න උදව් කරන්න තීරණය කළා. ඒ වෙනුවෙන් Rotaract සමාජයේ අපි කරපු ව්‍යාපෘතිය තමා “අඛංකාර“.
අඛංකාර කියන්නේ බෙංගාලී වචනයක්. එකේ තේරුම “අභිලාෂයන්” කියන එකයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ව්‍යාපෘතියේ පළමු අදියරෙන් කළේ අනාගතය ගැන ලොකු ලොකු හීන හිතේ පුරවගෙන, තමන්ගේ ජීවිතයේ වැදගත්ම කඩයිමක් වන O/L විභාගයට මුහුණ දෙන පොඩ්ඩෝ ටිකකට උගන්නලා, ඒ හීනවලට, අභිලාෂවලට පොඩි තල්ලුවක් දුන්න එක.
ඉතින් දැන් මේ ලෑස්තිවෙන්නේ අපි ව්‍යපෘතිය කරපු විදිහයි, කරගෙන යද්දී වෙච්චී රසබර සිද්ධි ටිකකුයි කියන්න. අපි වැඩේට තෝරගත්තේ අවිස්සාවෙල්ල, ඉලුක්කෝවිට කණිෂ්ට විද්‍යාලය. පන්තියේ ළමයි 18ක් විතර වගේ තමයි හිටියේ. වැඩේ පටන්ගත්තේ 2017 සැප්තැම්බර් මාසේ. ඇත්තටම ලොකු අභියෝගයක්.මාස 3කින් කොහොමද දෙයියනේ syllabus cover කරන්නේ. අපේ අයත් වැඩේ අතඇරියේ නෑ. කට්ටිය, මං ඒක කරන්නම්,මං මේක කරන්නම් කියල subjects බාරගෙන ගිහින් ඉගැන්නුවා.මුල් මාස එකහමාරේ වැදගත්ම ටික උගන්නලා ඊට පස්සේ papers කරන්න ගත්තා. විද්‍යාව,ගණිතය, ඉංග්‍රීසි කියන විශයන් 3ම උගන්නන්නත් ඕනේ. වැඩේ ලේසි නෑ. ඒත් කට්ටිය වැඩ බෙදාගෙන කරපු නිසා හැමදේම ගාණට වුණා කියල කියන්න පුළුවන්.
අපි දැන් පොඩ්ඩක් බලමුකෝ වෙච්ච රසබර සිද්ධීන් ටිකක්. ජීවිතේට හුණු කූර අල්ලලා කළුලෑල්ලක ලියලා නැති මිනිස්සු පවා ළමයින්ට ඉගැන්නුවා. ඇත්තටම අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ. Rotaractor සිරියාගෙන් ඇහුවනන් ඒ කවුද කියලා දැනගන්න පුළුවන්. තව සමහරු ඉස්කෝලෙට ගිහින් ආපු දවසේ ඉඳන් කියවන්නේ ගමේ මිනිස්සු කන්න දුන්න කෑම ගැන. ඔයාලා හිතන්නේ ඒ ජොරියා කියලනේ. අපෝ නෑ Rotaractor ජොරියා එහෙම පෙරේතයෙක් නෙමේ. ළමයින්ට උගන්නන්න ආපු හැමෝටම අමතක නොවන දෙයක් තමා ගොඩක් දවස්වල හවසට අපිව bus halt එකට ගෙනත් දාපු ලොරි trip එක. ඒකනන් ගොඩක් අයට අලුත් අත්දැකීමක් වුණා.
තව අපි ඒ ළමයින් එක්ක ලෝක ළමා දිනය සමරපු හැටිත් අමතක කරන්න බෑ. අපේ Rotaractor බට්ටි හදලා දීපු පාට පාට ලස්සන සමනළයින් ඉන්න bookmarks ඒ ළමයින්ට දීලා අපි එදා එයාලගේ හීන තවත් පාට කළා කියලා මට හිතෙනවා. අපි එහෙම හීන පාට කරද්දී ඒ යක්කු ටික එදා අර සුදු ඇඳුම් ටික මඩ පාට කරගත්තා එදා ආපු හැමෝටම මතක ඇති. වැස්ස වෙලාවේ මඩ වගුරක් වෙලා තිබ්බ පිට්ටනියෙ වොලිබෝල් ක්‍රිකට් ගහල පොඩ්ඩක් වැස්සේ තෙමිලා අපේ Rotaractorsලා නන් අයින් වුණා.
එහෙමයි කියල අර වසවර්ති මාරයෝ සත පහකටවත් ගණන් ගත්තද? නෑනේ. හොඳට මඩේ ගැහල සම්බෝල කෙටුවා. ඔක්කොම ඉවරවෙලා සමහරු ගොඩට ආවේ අමාරුවෙන් පිට අතගාන ගමන්මයි. ආරංචි වුණු විදිහටනම් එදා කට්ටිය ගෙදර යන්න කලින් ගිහින් තියෙන්නේ ඉස්කෝලෙට ටිකක් එහායින් තියෙන ඇළට. නැත්තන් එහෙමම ගෙදර ගියොත් අම්මයි, තාත්තයි එකතු වෙලා සම්බෝල කොටනවනේ.
මේ දේවල් කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි චරිත කිහිපයක්ම ඉන්නවා. එක්කෙනෙක් තමා Rotaractor ජයා. හැමදාම ඉස්කෝලෙට යන දවසේ උදේ පාන්දර කුකුළත් අතේ අරගෙන ඇවිත් එතුමා කළ නොනිම් සේවය අපි ඇත්තටම අගය කළ යුතුයි.එතුමාගේ ඒ අඩිපාරේ යමින් කලට වෙලාවට නිසියාකාරව වැඩ කරන්න තරයේ අදිටන් කරගත්තු පිරිසකුත් අපි අතරේ ඉන්නව කියලා සතුටින් මතක් කරන්න ඕනේ. අනික් කෙනා සරසි අක්කා. මුල ඉඳන්ම වැඩේ කෙරෙන්න ඕනේ විදිහ කියලා, අවශ්‍ය දේවල් හොයල දීලා දුන්න sup එක කියලා වැඩක් නෑ. තව ගියා අයියා, කිත්මි අක්කා දෙන්නවත් අමතක කරලා බෑ.එයාලත් ගොඩක් මහන්සි වුණා.ඒ වගේම අපේ අඛංකාර CO, Rotaractor ඇල්ව අමතක කරන්න බෑ.මිනිහා මුල ඉඳලම වැඩේට බැහැලා හිටියේ තමන්ගෙම ළමයින්ට උගන්නනවා වගේ.
ඉතින් මේ විදිහට ගොඩක් වැදගත්ම පුද්ගලයා තව ටිකෙන් අමතක වෙනවා. වෙන කවුද ඉතින්, ඒ තමයි අපේ Rotaractor වැලයා. අපි ඉස්කෝලෙ උගන්නන්න ගිය දවසට එයා තමා ඉස්කෝලෙ Principal. ආයේ නෑ කෑ ගහනවා ගමම දෙදරන්න. හැබැයි දවසක් මල්ලි කෙනෙක් Rotaractor වැලයාට ත්‍රිකෝණ ප්‍රමේයයක් කියලා දුන්න වෙලේනම් හැමෝගෙම කන්වලට සහනයක් හම්බුණා මං හිතන්නේ.
ඉතින් මාස 3ක් පුරා අපේ Rotaractorsලා ජිවිතේට ලස්සන මතකයන් එකතු කරගන්න ගමන්, කැප කිරීමුත් ගොඩක් කරල ඒ ළමයින්ට ඉගැන්නුවා, එයාලගේ පුංචි හිත්වල තියෙන ලොකු හීන වලට පුංචි හරි පාටක් දෙන්න. එයාලගේ ඒ හීන පාට වුණද කියලා අපිට තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්. මං හිතනවා එහෙම වෙලා ඇති කියලා…
~ ප්‍රනීත් චන්ද්‍රසේකර ~
Leave a Reply