පොඩි කාලේ ඉඳලාම මට මගේ අම්මයි, ගුරුවරුයි නිතරම කියපු දෙයක් තිබුණා. ඒ තමා “පුතේ, හැමතිස්සෙම රටට, ලෝකෙට වැඩක් ඇති දෙයක් කරන්න. හැකි තරම් අසරණ අයට උදව් කරන්න ” කියන දේ. ඉතින් කොහොමහරි මහන්සිවෙලා, වැඩ කරලා කැම්පසුත් ආවා. විවිධාකාර මිනිසුන්ගෙන්, විවිධාකාර දේවල් වලින් පිරිලා තියෙන මෙතන හරිම අමුතු තැනක්.
මේ හැමදෙයක්ම අතරේ විවිධාකාර අරමුණු වලින් වැඩ කරන විවිධ සමාජයන් පවා විශ්ව විද්‍යාලය තුළ තියෙනවා. ඒ අතරින් මට හිතෙන විදිහට Rotaract සමාජය විශේෂයි. මොකද එයාලා තමන්ගේ වටිනා කාලය කැප කරගෙන තමන් උගත් දේවල්වලින් සහ තමන් ලබා ගත් අත්දැකීම්වලින් සමාජයට දෙයක් කරන්නට නිතරම උත්සහා කරන නිසා. ඔවුන්ගේ අරමුණු මට පොඩිකාලෙ අම්මයි, ගුරුවරුයි කියපු දේ වලට හරි හරියට ගැලපුන නිසා මම Rotaract සමාජයට එකතුවුණා.
පළමු වසරේ සිසුන් විදිහට අපි මුලින්ම එකතුවුනේ “Akhankhara” ව්‍යාපෘතියට. ඊට පසුව තිබුණේ Rotaract වාර්ෂික චාරිකාව. ගමනක් ගිහින් විනෝද වෙනවට අමතරව “Project Al-Ano” හා “Care.Compassion.” ව්‍යාපෘති දෙක හරහා සමාජ සත්කාරයක් සිදුකරමින් අපි අපේ අත්දැකීම් පුළුල් කරගත්තා. Care.Compassion. හරහා අසරණ වියපත් වැඩිහිටියන් එක්ක සින්දු කියලා, නැටුම් නටලා ඔවුන් එක්ක හරිම ලස්සන කාලයක් ගත කලා. ඒ අතරින් ගර්ටි ආච්චිගේ ‘හන්තානට පායන සඳ‘ සින්දුව අමතක කරන්න බෑ.
ඊට පස්සේ අපි ගියේ විවිධ ඇබ්බැහි වීම් නිසා ජීවිතේ පහලටම වැටිලා ඉන්න මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරලා නැවත යහපත් මිනිසුන් ලෙස සමාජ ගත කරන්න දැඩි උත්සහයක යෙදෙන සිරිල් වාස් මධ්‍යස්ථානයට. ” ජීවිතේ හැමදේම නැතිවුණ කෙනෙක්ගෙන් ජීවිතේ මොකක්ද කියල ඇහුවොත් ඔවුන්ගෙන් ජීවිතේ ගැන ලස්සනම පාඩම ඉගෙනගන්න පුලුවන්” කියන කතාව සම්පුර්ණ ඇත්ත කියන දේ තේරුණේ එදා දවසේ. වැරදි මිතුරන් හා සමාජ ඇසුර මිනිස් ජීවිතයකට කරන බලපෑම ඔවුන් අපිට කියලා දුන්නා.
ඔවූන් එක්ක සින්දු කියලා, වොලිබෝල් සෙල්ලම් කරලා ඊළඟට අපි ගියේ Browns Beach එකට. එතැනදී කට්ටියගේ නැටි ගලවලා, ලාවා උඩින් ඇවිදලා, රෑල්ල පාගලා, කට්ටියව මුහුදට තල්ලු කරලා ගත්ත fun එක අමතක වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඊට කලින් අයිස් කඳු හදන්න ගිහින් මඩ නාගත්තු එක, අයිස් හොරකම් කරන්න මරාගත්තු හැටි අමතක වෙන්නෙ නෑ. ඊට පස්සේ තෙත අඳුම් පිටින් ආපහු කොළඹ එන්න පිටත් වුණේ ජීවිතේට ලස්සන මතකයන් ගොඩක් එක්ක. මේ දවස අපේ මතකයේ හැමදාම තියේවි.
~ ප්‍රනීත් චන්ද්‍රසේකර ~
Niyamai ukku 👌👍
මමත් වෙන්නප්පුවේ. 😍 නියමයි